චෙන්නායි පිලට සිවුවැනි ජය

චෙන්නායි පිලට සිවුවැනි ජය

අයි.පී.එල් තරගාවලියේ 20වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කරමින් ලකුණු 27ක ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය. එය මෙවර තරගාවලියේ තරග 5කට සහභාගිවූ චෙන්නායි පිල ලබාගත් සිවුවැනි ජයග්‍රහණය විය.

බැංගලෝර් හිදී පැවැති තරගයේ චෙන්නායි පිල ලබාගත් ලකුණු 181ක හඹාගිය බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 154ක් පමණි. ඒ සඳහා ඔවුන්ට කඩුලු 8ක් අහිමිවිය.

පන්දු 32කින් ලකුණු 62ක් රැස් කළ සුරේෂ් රයිනා තරගයේ වීරයා‍ ලෙස නම් කෙරිණි.

චෙන්නායි-181/8 (ඕවර 20) සුරේෂ් රයිනා 62, ඩ්වේන් ස්මිත් 39, ‍ෆෆ් ඩුප්ලෙසී නොදැවී 33 (යස්වින්දර් චාහල් 40/3, ඉක්බාල් අබ්දුල්ලා 36/2)- බැංගලෝර්- 154/8 (ඕවර 20) විරාත් කෝලි 51, ඩේවිඩ් වයිස් 22 (අශිෂ් නෙහෙරා 10/4)

හයිද්‍රබාද්ට ජය

කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමග විශාකාපට්නම්හිදී පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 16ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රබාද් පිලට හැකිවිය.පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රබාද් පිල කඩුලු 4කට ලකුණු 176ක් රැස් කළේය. වර්ෂාවෙන් බාධා වීම නිසා කොල්කටා පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට ප්‍රමාද විය. ඒ හේතුවෙන් ඕවර 12කදී ලකුණු 118ක ඉලක්කයක් හිමිවූ කොල්කටා පිලට කඩුලු 4ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා