බංග්ලාදේශයට 3-0ක ජයක්

බංග්ලාදේශයට 3-0ක ජයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් පාකිස්තානයට එරෙහි ප්‍රථම තරගාවලිය ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

මීර්පුර්හිදී පෙරේදා පැවැති තෙවැනි හා අවසන් තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 8ක ජයක් හිමිවු අතර එහිදී බංග්ලාදේශයේ සොයිමියා සකා හා පාකිස්තානයේ අසාර් අලී ජාත්‍යන්තර එක්දින මංගල ශතක වාර්තා කිරීම කැපී පෙනුණි.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 250කට දැවී ගිය අතර පන්දු 63ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත් බංග්ලාදේශයට අහිමිවූයේ කඩුලු 2ක් පමණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා