වායු රයිෆල් වෙඩි තැබී‍මේ ශූරයා කැළුම් සුරියකුමාර

වායු රයිෆල් වෙඩි තැබී‍මේ ශූරයා කැළුම් සුරියකුමාර

දක්ෂතම වෙඩික්කරු කැළුම් සුරියකුමාර
ඡායාරූපය- හෝමාගම සංචාරක

යුද හමුදා වායු රයිෆල් වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ වායු රයිෆල් වෙඩි තැබී‍මේ තරගාවලි‍යේ ශූරතාව ලකුණු 1670ක් ලබාගත් ගජබා රෙජිමේන්තුවට හිමිවිය.

එහි දෙවන ස්ථානය ලකුණු 1655ක් ලබාගත් කොමාන්ඩෝ රෙජි‍මේන්තුවට හිමිවු අතර කාලතුවක්කු රෙජිමේන්තුව (ලකුණු 1638) තුන්වැනි ස්ථානයට පත්විය.

තරගාවලියේ හොඳම වෙඩික්කරු ලෙස කොමාන්ඩෝ රෙජිමේන්තුව නියෝජනය කළ කැළුම් සුරියකුමාර සම්මාන ලබා ගත්තේය.

හෝමාගම පනාගොඩ පිහිටි යුද හමුදා වායු රයිෆල් වෙඩි තැබී‍මේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය එම සංගමයේ සභාපති ‍කෙනත් එඩීමා මහතා අතින් සිදු කරනලදි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා