ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයට ක්‍රිකට් ජයක්

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයට ක්‍රිකට් ජයක්

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ කණ්ඩායම හා රිදම් එෆ්.එම් නාලිකා කණ්ඩායම අතර බොරැල්ල ඩඩ්ලි සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති සුහද සැහැල්ලු පන්දු සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ කණ්ඩායම සමත් විය.

පන්දු වාර 10 බැගින් තරග 03ක් සංවිධානය කර තිබු අතර පළමු තරගය කඩුලු 8කින්ද, දෙවන තරගය ලකුණු 90 කින්ද, තෙවන තරගය ලකුණු 52කින්ද ජය ගැනීමින් තරගාවලියේ සමස්ත ශූරතාව හිමිකර ගැනිමට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ කණ්ඩායමට හැකිවිය. මෙම තරගාවලියේදී අමාත්‍යංශ කණ්ඩා‍යමේ සමීර නිශ්ශංක, ඉරංග මධුෂාන් හා රිදම් එෆ්.එම් වෙනුවෙන් ජූඩ් බෙනඩික් යන ක්‍රීඩකයන් අර්ධ ශතක වාර්තා කළ අතර පන්දු යැවීමෙන් අමාත්‍යංශ කණ්ඩායමේ එම්.ජේ.එම්.යසීර් සහ ප්‍රසාද් බටුගහේ කඩුලු 6 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

තරගාවලියේ දෙවන තරගයේදි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ කණ්ඩායම කඩුලු 2කට ලකුණු 163ක් ලබාගත් අතර එය ඔවුන් කණ්ඩායම් තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා