පළමු කොටසේ ක්‍රිකට් තරගයෙන් මහනුවර ධර්මරාජයට ජය

පළමු කොටසේ ක්‍රිකට් තරගයෙන් මහනුවර ධර්මරාජයට ජය

මහනුවර ධර්මරාජ විදුහල හා කුරූණෑගල මලියදේව ආදර්ශ පාසල අතර පසුගියදා පැවති අවුරුදු 15න් පහල පළමු කොටසේ ක්‍රිකට් තරගයේදී මලියදේව විදුහල පරදවා කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ධර්මරාජ විදුහල සමත්විය. මහනුවර ලේක් විව් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙ මුලින් පන්දුවට පහර දුන් මලියදේව පිල සියල්ලන් දැවී ලබාගත් ලකුණු 107, කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනිමට ධර්මරාජ පිල සමත් විය. කුරූණෑගල මලියදේව පිල- 107 (සියල්ලන් දැවී) පී.පරණවිතාන 17 (අෂ්මිත රාජපක්ෂ 18/5)

මහනුවර ධර්මරාජ පිල- 108/2- සී.අධිකාරි 24, එස්‍.හිප්පොල 24

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා