වාර්ෂික පාපන්දු තරගයේ ජය මාතර සාන්ත තෝමස් විද්‍යාලයට

වාර්ෂික පාපන්දු තරගයේ ජය මාතර සාන්ත තෝමස් විද්‍යාලයට

මාතර රාහුල විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති වාර්ෂික පාපන්දු තරගයේ ජය හිමිකර ගැනිමට මාතර සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. මාතර උයන්වත්ත පාපන්දු පිටියේ රාත්‍රි විදුලි ආලෝකය මධ්‍යයේ පසුගියදා පැවති මෙම තරගයේ පළමු අර්ධයේදී රාහුල විදුහල එක් ගෝලයක් වාර්තා කළ අතර සාන්ත තෝමස් විදුහලට ගෝල් වාර්තා කිරිමට නොහැකිවිය.

තරගයේ දෙවැනි අර්ධයේ අන්තිම මිනිත්තුවේදී සාන්ත තෝමස් ක්‍රීඩකයින් ‍ගෝලයක් වාර්තා කිරි‍මෙන් ලකුණු සමවිම නිසා ලබාදුන් දඬුවම් පහර වාරයේදී ගෝල දෙකක් වාර්තා කිරීමට රාහුල විද්‍යාල පිල සමත් වීමත් සමග ක්‍රියාත්මක වු සාන්ත තෝමස් පිල ගෝල 4ක් වාර්තා කරමින් ජය තමන් වෙත ලබා ගැනීමට සමත් විය. තරගයේ දක්ෂතම ක්‍රීඩකයන් ලෙස සම්මාන දිනා ගැනිමට රාහුල විද්‍යාලයේ ඩබ්.එම්.රවිඳු රවිනාත් හා සාන්ත තෝමස් විද්‍යාලයේ චරිත් බ්‍රයන් වීරප්පුලි යන ක්‍රීඩකයන්ට හැකිවිය.

ජයග්‍රාහි සාන්ත තෝමස් කණ්ඩායම මනොජ් මතඟධීර මහතාගේ භාරකාරත්වය යට‍තේ එම්.එන්.අල්තාෆ් විසින් පුහුණුකරන ලද අතර රාහුල විදුහල ඒ.සරත් මහතාගේ භාරකරත්වය යටතේ ඒ.වීරප්පුලි මහතා විසින් පුහුණුකරවන ලදි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා