ආරියදාස සිල්වා අනුස්මරණ කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය අම්බලන්ගොඩදී

ආරියදාස සිල්වා අනුස්මරණ කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය අම්බලන්ගොඩදී

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අනුහ්‍රහය යටතේ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 25 වැනි ආරියදාස සිල්වා අනුස්මරණ කුසලාන විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් තරග අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. විවෘත ඉසව්වලින් ජයගත් ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරිම්වලදින් ඉදිරියට ඒමේ අවස්ථාවද මෙහිදි හිමිවිය.

පිරිමි කේවල තරගය ලසිත මේනක විසින්ද කාන්තා කේවල තරගය ලේඛා ෂෙහානි විසින්ද ජය ගත් අතර පිරිම් යුගල තරගය හසිත චානක සහ ආර්.එස්.දහනායක ජය හිමිකර ගත්තේ ය. කාන්තා යුගල තරගය තිළිණි ජයසිංහ හා උපුලී සමන්තිකා විසින් දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ මිශ්‍ර යුගල තරගය ලසිත මේනක හා චන්ද්‍රිකා ද සිල්වා ජයගත් අතර අවුරුදු 35ට වැඩි පිරිමි කේවල තරගය සුභාෂ් ජනකද, අවුරුදු 35ට වැඩ් පිරිමි යුගල තරගය සුභාෂ් ජනක හා ඩබ්.දිනේෂ් විසින් ජය ගන්නා ලදි.

අවුරුදු 40ට වැඩි පිරිමි කේවල තරගයේ ජය සම්පත් පිරිස්ට හිමිවිය. එහි යුගල ශූරතාව ඩී.සේනාරත්න හා කමල් ගම්ලත් විසින් දිනා ගන්නා ලදි. එහි අවුරුදු 50ට වැඩි පිරිමි කේවල තරගය එම්.ආරියසේන හා යුගල තරගයේ ජය එම්.ආරියසේන හා එස්.ගලබඩ යන ක්‍රීඩකයන් හිමිකර ගත්තේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා