මාවනැල්ල බස් නැවතුමේ මගී ආවරණ කැඩිලා

මාවනැල්ල බස් නැවතුමේ මගී ආවරණ කැඩිලා

මාවනැල්ල බස් නැවතුම් පොළේ ඇති මගී ආවරණවල වහල අබලන්වී සෙවිලි තහඩු කැඩී යාම නිසා මගීහු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

විශේෂයෙන් වර්ෂා දිනවලදී අසීරුතාවට පත්වන ඔවුන්ට දැඩි අව් රශ්මිය පවතින දිනවලට ඇතිවන පීඩා එමටය.

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මාවනැල්ල නගරයට දෛනිකව දහස් ගණනක් මගීහු පැමිණෙති. අබලන් මගී ආවරණ අලුත්වැඩියා කර දෙන්නැයි මගීහු ඉල්ලා සිටිති.

අබලන් මගී ආවරණය
ඡායාරූපය - මාවනැල්ල සමුහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා