මොරටුවේදී එස්.ටී.එෆ් 11ක් ඝාතනය කළ කොටි ත්‍රස්තයන් 2කට එරෙහිව අධිචෝදනා 83ක්

මොරටුවේදී එස්.ටී.එෆ් 11ක් ඝාතනය කළ
කොටි ත්‍රස්තයන් 2කට එරෙහිව අධිචෝදනා 83ක්

යුද සමයේ කොළඹ අවට ත්‍රස්ත ක්‍රියා සිදු කළ එල්ටීටීඊ සැකකරුවන්ට නීතිපති නඩු පවරයි

යුද්ධය පැවැති කාලයේදී කොළඹ සහ අවට ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් ගාල්ලේ බූස්ස කඳවුරේ රැඳවුම් භාරයේ සිටින එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු යොදා ඇත.මේ නඩු ඉක්මනින් විභාග කර තීන්දු ප්‍රකාශ කරන ලෙසද අධිකරණවලට දන්වා තිබේ.

එම රැඳවුම් භාරයේ සිටින එල්. ටී. ටී. ඊ. බෝම්බ විශේෂඥයන් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවක විභාගය පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් කල් තබනු ලැබුවාය. ඔවුන්ට අධිකරණය හමුවේ අධිචෝදනා 83ක් ගොනුකර තිබිණි

ප්‍රධාන අධිචෝදනාවලින් කියවෙන්නේ වර්ෂ 2007 මැයි මස තුන්වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මොරටුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයින් ගමන් කළ වාහනයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් විත්තිකරුවන් එල්ල කර එය පුපුරුවා දැමීමෙන් භටයින් එකොළොස් දෙනකු ඝාතනය කර තවත් භට පිරිසකට බරපතළ තුවාල සිදු කළ බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා