නේපාල නව පොලිස්පතිගේ පත්වීම අවලංගු කරන්නැයි බලපෑම්

නේපාල නව පොලිස්පතිගේ පත්වීම අවලංගු කරන්නැයි බලපෑම්

නේපාලයේ නව පොලිස්පතිවරයාගේ පත්වීම අවලංගුකරන ලෙස එරට මානව හිමිකම් කණ්ඩායම් පසුගියදා රජයෙන් ඉල්ලා තිබිණ. ඒ සිවිල් යුද සමයේ ශිෂ්‍යයන් පස්දෙනකු ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු ද පරීක්ෂණයට ලක්ව ඇති බැවිනි.

පසුගිය සතියේදි කුබර් සිං රනා, පොලිස් පතිවරයා ලෙස උසස් කෙරුණේ වසර 9 කට පෙර නේපාල දකුණු තැන්නේදී තරුණයන් පස්දෙනකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදීය.

'2003 දී රනා සහ ඔහු යටතේ පැවති අංශවලට එරෙහිව නැගී ඇති චෝදනා බෙහෙවින් බරපතල යි. එම චෝදනා වලට ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා. "යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියා අධ්‍යක්ෂ වරයා පවසා තිබේ. තවද රනා ගේ පත්විම අත්හිටුවීමෙන් පරීක්ෂණ ප්‍රමාදකිරීම ට, සාක්ෂිකරුවන් හා නීතිවේදීන් බිය ගැන්වීමට හා සාපරාධී සාක්ෂි විනාශ කිරීමට සිය බලය අයුතු ලෙස යොදාගැන්ම වැලකෙනු ඇතැයිද ඔහු කීවේය.

අදාල සිසුන් පස්දෙනා, රනා පොලිස් ප්‍රධානියාව සිටි ප්‍රදේශයේ ඒකාබද්ධ හමුදා පොලිස් මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව ට සාක්ෂි ඉදිරිපත්ව ඇත. 2010 දී සිදුකළ කැණීමකදී දෑස් බැඳ වෙඩිතබා ඝාතනය කර තිබුනු නාඳුනන පස් දෙනකුගේ මළ සිරුරු හමුව තිබිණ.එහෙත් පොලීසිය ඔවු‍න්ගේ පරීක්ෂණ පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා ක‍ර නොතිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා