නවසීලන්ත යුද යාත්‍රාවන්ට අමෙරිකා වරාය දොරටු ඇරේ

නවසීලන්ත යුද යාත්‍රාවන්ට අමෙරිකා වරාය දොරටු ඇරේ

නවසීලන්ත නාවික හමුදා යාත්‍රාවන්ට 1980 ගණන් වල පටන් අමෙරිකානු වරායන් හා කඳවුරු වලට පැමිනීම වලකාලමින් පැනවුණු තහනම ඊයේ පටන් ඉවත් කෙරුණු බව නවසීලන්ත සංචාරයක නිරත අමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා ප්‍රකාශ කළේය.

"ද්විපාර්ශවික ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමේ ප්‍රයත්නයේ අංගයක් ලෙස ක්‍රියාත්මක ප්‍රතිපත්තිමය වෙනස්කම් අනුව එක්සත් ජනපදය හා ලොව පුරා සෙසු රටවල පවත්නා ආරක්ෂක දෙපාර්තමේන්තු හෝ වෙරළාරක්ෂක කඳවුරු වල පුද්ගලික සංචාරයන්හි යෙදීමට ආරක්ෂක ලේකම් වරයාට බලය පැවරී ති‍බෙන බවද ඔහු කියා සිටියේය.

නවසීලන්තයේ සිය සමගාමියා වන ජොනාතන් කෝල්මන් සමග එක්ව පැවැත්වූ ඒකාබද්ධ පුවත් පත් සාකච්ඡාවකදී නවසීලන්ත ආරක්ෂක නිලධාරින් හමුවීමේ හා යුද අභ්‍යාස සිදුකිරීමේ සීමාවන්ද අහෝසි කළ බව පැනේටා කීවේය. මේ වෙනස් කම් දෙරට අතර සබඳතා වර්ධනයට‍ බෙහෙවින් ඉවහල් වන බවද ඔහු කීවේය.

නි‍රවි යුද සමයේ නවසීලන්තය විසින් න්‍යෂ්ටික අවි රැගත් හෝ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක අමෙරිකානු නෞකාවන්ට සිය වරායන් තහනම් කිරීමෙන් දෙරට අතර ඇති වුනු වෙනස්කම් තවදුරටත් දෙරට අතර ආරක්ෂක කටයුතු වලට බාධාවක්නොවිය යුතු බව පැනේටා මෙහිදි පැවසුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා