ඔස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අයිතීන් සුරකින ජනමත විමසුම කල් යයි

ඔස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අයිතීන් සුරකින ජනමත විමසුම කල් යයි

ඔස්ට්‍රෙලියානු ආදිවාසින් එරට පුරවැසියන් ලෙස ව්‍යවස්ථානුගත ජාතියක් වශයෙන් පිළිගැනිම සඳහා නිල වශයෙන් පැවැත්වීමට සැලසුම් කළ ජනමත විචාරණය ඒ සඳහා පුළුල් ජන සහායක් පළ නොවීම නිසා කල් දමන බව ඊයේ ප්‍රකාශ විය.

එහෙත් අගමැතිනි ජුලියා ගිලාඩ් 2010 දි මේ ජනමත විමසුම් සැලැස්ම ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ කියාසිටියේ මෙය පන්ස් වසරකදී එළඹෙන එක් අවස්ථාවක් පමණක් බවත් මේ සඳහා විරල ගණයේ පුළුල් මහජන හා පාර්ලිමේන්තු සහයෝගයක් පවතින බවත්ය.

1788 සුදු ජාතිකයන් විසින් ජනාවාස පිහිටුවීමෙන් පසු ඔවුන් විසින් ආදිවාසීනට සිදුකළ නොපනත් කම් පිළිබඳව 2008 දී රජයෙන් ප්‍රකාශිත ඓතිහාසික සමාව යැදීමෙන් පසු ගිලාඩ් විසින් ඉදිරිපත්කළ මේ ජනමත විචාරණය ලබන වසරට නියමිත මහ මැතිවරණය සමග හෝ ඉන් පෙර පවත්වනු ඇතැයි පැවසී තිබිණ.

එහෙත් ආදිවාසී කටයුතු පිළිබඳ ඇමති ජෙනි මැක්ලින් පවසන්නේ ජන සහයෝගය ප්‍රමාණවත් පරිදි නොලැබී ඇති හෙයින් එම ජනමතවිචාරණය තවත් වසර දෙක තුනකට කල් දමන නමුත් ඒ වෙනුවට රජය' විශේෂිත පිළිගැනුම් පනතක්' සම්මත කරගැන්මට කටයුතු කරන බවය

"ජනතාව මින් කනස්සල්ලට පත්වන බව මා දන්නවා.මා ද කනස්සල්ලට පත්වසිටිනවා. ආදිවාසී ඔස්ට්‍රෙලියානුවන් හැකි ඉක්මනින් ව්‍යවස්ථාව මගින් පිළිගනු ලැබීම අප කවුරුත් අපේක්ෂෘ කරන්නක්. ඔස්ට්‍රෙලියානු ආදිවාසීන් මෙන්ම කිසිවකු එය අසාර්ථක වනු දැක්ම අපේක්ෂා කරන්නේ නැහැ.

එහෙත් ඒ සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව ප්‍රමාණවත් අයුරින් දැනුවත් නැහැ.ඒසඳහා ප්‍රමාණවත් ජන සහායක් ලබා ගැන්මට වසර කීපයක් ගතවේවි " යැයි ඇමතිවරයා පැවසීය.  1999 පසු ඔස්ට්‍රෙලියාවේ ජනමත විචාරණයක් පවත්වා නැති අතර ඔස්ට්‍රෙලියාව ජනරජයක් බවට පත්කිරීම සඳහා පැවති එම අවසන් ජනමත විචාරණයෙන්ද එය ප්‍රතික්ෂේප වී තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා