ටිබෙට් ජාතිකයන් ගැන සොයා බලන්නැයි අමෙරිකාව චීනයෙන් ඉල්ලයි

ටිබෙට් ජාතිකයන් ගැන සොයා බලන්නැයි අමෙරිකාව චීනයෙන් ඉල්ලයි

චීන රජය ටිබෙට් ජාතිකයන් සම්බන්ධයෙන් දරන ආකල්පය වෙනස් කරන ලෙස චීනයේ අමෙරිකා තානාපතිවරයා ඉල්ලා ඇත. චීන රජයට එරෙහිව ටිබෙට් ජාතිකයන් සිරුරට ගිනි තබා ගැනීමේ සිද්ධින් මාලාවක්ම මෑතකදී සිදුවිය.

ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලිමට තමා ටිබෙට් සිද්ධස්ථාන වලට ගිය බව ඇමෙරිකා තානාපතිවරයා අනාවරණය කර තිබේ. මෙවැනි සිද්ධින් වැඩි වශයෙන්ම සිදුවූ සිචුවාන් ප්‍රාන්තයේ අබා ප්‍රදේශයේ ඔහු සංචාරය කර ඇත.

2009 පෙබරවාරියේ සිට චීන රජයට එරෙහිව සිරුරට ගිනි ගබාගෙන මිය ගිය ටිබෙට් ජාතිකයන් ගණන 60 කට වැඩිය. ටිබෙට් නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ දුක් ගැනවිලි වලට විසඳුම් ලබා දිමට ක්‍රියා කරන ලෙස තානාපති ගැරි ලොක් චීන රජයෙන් ඉල්ලා තිබේ.

චීන -අමෙරිකා ජාතිකයකු වන මොහු චින ජාතිකයන් අතර විශාල ප්‍රසාදයක් දිනා ඇති අයකු ලෙස සැලකේ. චිනයේ මානව හිමිකම් වැඩිදියුණු කිරිමට ඔබාමා පරිපාලනය උනන්දුවේ.

දෙවෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වි ඇති ඔබාමාට මානව හිමිකම් මෙන්ම ආර්ථික කටයුතු යන අංශවලින් චීනය සම්බන්ධයෙන් වඩා දැඩි පිළිවෙතක් අනුගමනය කරන ලෙස ඇමෙරිකා ජාතිකයන්ගෙන් බලපෑම් එල්ල වි තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා