සිරියා කැරැලිකරුවෝ තුවක්කු ලබා ගන්න රජයේ නියෝජිතයන්ට මුදල් ගෙවනවාලු

සිරියා කැරැලිකරුවෝ තුවක්කු ලබා ගන්න රජයේ නියෝජිතයන්ට මුදල් ගෙවනවාලු

සිරියන් රජය තමන්ගේ පරම හතුරා වුවත් තුවක්කු සහ පතුරන් ලබාගැනිමට තමන් රජයේ නියෝජිතයන්ට විශාල මුදලක් ගෙවන බව සිරියා කැරළිකරුවෝ පවසති.

සිරියාවේ සිටින විවිධ කැරළිකාර කණ්ඩායම් වලට අවි ආයුධලබා ගැනිම ප්‍රබල ගැටලුවක් වි ඇත .තමන්ට බර ආයුධ සපයන ලෙස බටහිර ජාතීන්ගෙන් කළ ඉල්ලීම් වලට ප්‍රතිචාර ලැබි නැති හෙයින් ආයුධ ලබා තැනිමට විකල්ප මාර්ග වලට අවතීර්ණ වීමට තමන්ට සිදුවි ඇතැයි කැරළිකරුවෝ පවසති.

තැරැව්කරුවන් විසින් තමන්ට හමුදා , පොලිස් සහ බුද්ධි අංශවල ගබඩා වලින් අවි ලැඩෙන බව කැරලිකරවන් අනාවරණය කර තිබේ. ජාතික සේවාව අනිවාර්ය වන සිරියාවේ මෙවැනි තැරැව්කරුවන් සොයාගැනිම අසිරු නොවන බවද ඔවුහු පවසති.

ගුවන් යානා සහ යුද ටැංකි ප්‍රහාරක අවි සපයා නොදිම සම්බන්ධයෙන් බටහිර රටවලට මෙන්ම ගල්ෆ් රටවලටද කැරළි නායකයෝ චෝදනා කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා