දෙහිඅත්තකණ්ඩිය රෝහලේ සේවකයෝ පාරට බසිති

දෙහිඅත්තකණ්ඩිය රෝහලේ සේවකයෝ පාරට බසිති

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සේවකයෝ අද උද්ඝෝෂණයක නිරත වූහ. උග්‍ර සේවක හිඟය, අතිකාල දීමනා පැය 4 සිට 100 දක්වා වැඩිකර ගැනීම, නියමිත පරිදි උසස්වීම් නොලැබීම ආදි කරුණු කිහිපයක් මුල්කර ගෙන මෙම විරෝධතාවය පැවැත්විණි.

උග්‍ර සේවක හිඟය නිසා රෝහලට පැමිණෙන රෝගීන් ද අපහසුතාවට පත්වෙති. අද උදෑසන රෝහලේ දෛනික කටයුතු ද පැය 2ක පමණ කාලයක් අඩාළ වී තිබිණි. දෙහිඅත්තකණ්ඩිය රෝහලේ සේවක පුරප්පාඩු පවතින බව වෛද්‍ය අධිකාරී චන්දන කුමාර වීරපාන මහතා පවසයි.

මේ පිළිබඳව අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා අදහස් දක්වමින් නැඟෙනහිර පළාත් සභාවේ නව බඳවා ගැනීම් කරන විට මේ රෝහලේ සේවක පුරප්පාඩු පුරවන්නට අවශ්‍ය කටයුතු කර ඇති අතර, දැනට දෙහිඅත්තකණ්ඩිය අවට තිබෙන මධ්‍යම බෙහෙත් ශාලාවල ඉන්න සේවකයින් කිහිප දෙනෙක් රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු කරන බව පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා