ගම්පහ පුරන් කුඹුුරුවල එළවළු වගා කිරීමට යයි

ගම්පහ පුරන් කුඹුුරුවල එළවළු වගා කිරීමට යයි

ගම්පහ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරුවල එළවළු වගා කිරීමේ වැඩ පිළිවෙළක් දැන් ක්‍රියාත්මක කෙරේ.

වරින්වර ඉහළ යන එළවළු මිලට විසඳුමක් ලෙසත් නැවුම් පිරිසුදු එළවළු ජනතාවට ලබාදීමත් අරමුණු කරගෙන මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් කෘෂි සංවර්ධන කාර්යාලය පෙන්වා දෙති.

මේ වගාවන් සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය, හා උපදෙස් ඇතිව ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය හා ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් ප්‍රාදේශීය මට්ටමින් මේ එළවළු වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

දිවුලපිටිය, ගම්පහ, මහර, අත්තනගල්ල, දොම්පේ, මිනුවන්ගොඩ ප්‍රදේශවල පුරන් කුඹුරු යායවල්වල එළවළු වගාවන් දැනට කරගෙන යන අතර ඉදිරියේ දී මෙය පුරන් කුඹුරු අක්කර 5000ක් පමණ වගා ව්‍යාපෘතියක් වශයෙන් ව්‍යාප්ත කරන බවද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් දිනමිණට පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා