වයඹ කසළ කළමනාකරණයට අංගසම්පූර්ණ රසායනාගාරයක්

වයඹ කසළ කළමනාකරණයට අංගසම්පූර්ණ රසායනාගාරයක්

වියදම රුපියල් ලක්ෂ 50ක්

වයඹ පළාතේ කසළ කළමනාකරණයට අවශ්‍ය අංගසම්පූර්ණ රසායනාගාරයක් මේ වසරේදී ඉදිකිරීමට වයඹ පළාත් සභාව සැලසුම් කර ඇත.මේ සඳහා වැය කරන මුළු මුදල රුපියල් ලක්ෂ 50කි.

“මනා ලෙස කසළ කළමනාකරණය වූ වයඹ” යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වැඩ සටහනට සමගාමීව ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මේ රසායනාගාරය ඉදිකිරීමෙන් වයඹ පළාතේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 32කටම කසළ කළමනාකරණයේ දී විශාල සෙතක් වනු ඇත.

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ වයඹ පළාතේ පසුගිය වසරේදී ක්‍රියාත්මක ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1045ක් වැයකර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා