වයඹ රාජකීය-ජෝන් කොතලාවල එක්දින ක්‍රිකට් ගැටුම අද

වයඹ රාජකීය-ජෝන් කොතලාවල එක්දින ක්‍රිකට් ගැටුම අද

කුරුණෑගල වයඹ රාජකීය විදුහල සහ ශ්‍රීමත් ජොන් කොතලාවල විදුහල අතර හයවැනි වරට පැවැත්වෙන සිංහ සටන වාර්ෂික එක්දින තරගය අද (3) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ දක්වා පැවැති එක්දින තරග පහෙන් තරග 4ක් ජයගැනීමට වයඹ රාජකීය විදුහල සමත්ව ඇති අතර ජොන් කොතලාවල විදුහලට එක් තරගයක ජයහිමිව තිබේ.

මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී අන්තර් පාසල් තරග හයකට විදුහල් දෙකම සහභාගී වී ඇති අතර එම තරගවලදී විදුහල් දෙකේ ක්‍රීඩකයන් විශේෂ කුසලතා දක්වා ඇත.

පස්වැනි වසරේ ක්‍රීඩක ආර්.එම්.ඩී.බී.රාජපක්ෂ කොතලාවල පිල මෙහෙයවන අතර සිවුවැනි වසරේ ක්‍රීඩක අකිල විතනගේ වයඹ රාජකීය පිල මෙහෙයවයි.

ආර්.එම්.ඒ.එම්.රත්නායක කොතලාවල පිලේ උපනායකත්වයත්, තිලින සම්පත් රාජකීය විදුහල් පිලේ උපනායකයා ලෙසත් කටයුතු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා