ජනවර්ණ පාපැදි ජය යුද හමුදාවේ රණතුංගට

ජනවර්ණ පාපැදි ජය යුද හමුදාවේ රණතුංගට

රට­හ­රහා දිවීමේ ශූරියෝ (ව‍මේ සිට)-පුෂ්පිකා දිල්රුක්ෂි, ක්‍රීෂාන්ති (ප්‍රථම), දිස්නා කුමාරි (දෙවැ­නියා). ඡායා­රූ­පය – මාත‍ලේ දිසා විශේෂ

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මාතලේදී සංවිධානය කළ ජනවර්ණ පාපැදි තරගය ජයගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.එම්.රණතුංග සමත්විය. තරගයේ දෙවැනි ස්ථානය නුවන් චින්තක (කුරුණෑගල සුපර් වීල් පාපැදි සමාජය)ට හිමිවු අතර හර්ෂ සුරංජිත්ට (ශ්‍රී ලංකා යුද හමුදාව) තෙවැනි ස්ථානය හිමිවිය.

ඊට සමගාමීව පැවැති රටහරහා දිවීමේ පිරිමි තරගය ජයගැනීමට පල්ලේකැලේ මාස් ආයතනය නියෝජනය කළ පරමශිවන් විශ්නේෂ්වරන් සමත්වු අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ වී.ක්‍රිෂාන්ති කාන්තා තරගය ජයගත්තාය.

තරග ප්‍රතිඵල මෙසේය.

පාපැදි-1.එච්.එම්.රණතුංග (ශ්‍රී ලංකා යුද හමුදාව), 2.නුවන් චින්තක ගුණරත්න (කුරුණෑගල සුපර් වීල්), 3.හර්ෂ සුරංජිත් කුමාර (ශ්‍රී ලංකා යු.හ.ඩ්‍රැගන් පාපැදි සමාජය)

රටහරහා දිවීම පිරිමි-1.පරමශිවන් විශ්නේෂ්වරන් (මාස් ආයතනය පල්ලේකැලේ), 2.ටී.පී.අලහකෝන් (ගම්පොල ක්‍රී.ස), 3.ශිවපෙරුමාල් ජීවකුමාරන් (මාස් ආයතනය) කාන්තා-1.වී.ක්‍රිෂාන්ති (ශ්‍රී ලංකා යුද හමුදාව), 2.දිස්නා කුමාරි ඒකනායක (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), 3.පුෂ්පිකා දිල්කරුක්ෂි විජේසිංහ (මාතලේ ක්‍රිස්තුදේව ක්‍රී.ස)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා