ගම්මිරිස් වගාවේ සෙවණ ගස් කප්පාදුව පිළිබඳව පුහුණු වැඩසටහනක්

ගම්මිරිස් වගාවේ සෙවණ ගස් කප්පාදුව පිළිබඳව පුහුණු වැඩසටහනක්

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මිරිස් වගාවේ නිරතවී සිටින ගොවීන්ට සෙවණ ශාක කප්පාදුව පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහන් රැසක් ප්‍රදේශයේ ගම්මිරිස් වගා බිම් රැසක දී පැවැත්විණි.

ගම්මිරිස් වගාවේ සෙවණ පාලනය කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද සෙවණ ශාක කප්පාදු සතියේ දී ගොවීන්ට මෙම පුහුණුව ලබාදීම සිදුකර ඇත.

ගම්මිරිස් වගාවෙන් හොඳ ආදායමක් ලබාගැනීම සඳහා සෙවණ ශාක කප්පාදු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ප්‍රදේ්ශයේ ගම්මිරිස් වගාකරුවන් දැනුවත් කිරීම මෙම පුහුණු වැඩසටහන් මගින් සිදු කෙරුණි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් වගාවේ යෙදී සිටින සියලුම ගොවීන් සඳහා මෙම සෙවණ ශාක කප්පාදු කිරීමේ පුහුණු වැඩසටහන් පවත්වාගෙන යාම දිගටම සිදුකෙරෙන බව පැවසු පොතුහැර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි එච්. එම්. පී. හේරත් මහතා, ගම්මිරිස් වගාවේ මෙම සෙවණ ශාක කප්පාදු වැඩසටහන අනුගමනය කිරීමෙන් ගම්මිරිස් වැලකින් කිලෝ ග්‍රෑම් 10 ක පමණ අස්වැන්නක් ලබාගත හැකි බව ද පැවසුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා