අධ්‍යාපන කාර්යාලයේ සුළු සේවක හිඟයක්

අධ්‍යාපන කාර්යාලයේ සුළු සේවක හිඟයක්

හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ හා ප්‍රදේශයේ පාසල් ගණනාවක සුළු සේවක හිඟයක් පවතී.

මේ වනවිට කලාප අධ්‍යාපන කාර්යාලයේ සුළු සේවකයන් කිසිවකු නැත. ඒ නිසා කාර්යාලයේ අංශවල පවිත්‍රතා කටයුතු ඇතැම් සුළු සේවකයෙකුගේ අවශ්‍යතා කාර්යාල සේවකන් විසින්ම සිදුකර ගැනීමට සිදුවී තිබේ.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධ්‍යාපන කලාප කාර්යාලයේ මෙන්ම පාසල්වලද සේවයේ යෙදී සිටි යම් සේවක සේවිකාවන් 34ක් මීට පෙර පැවති රාජ්‍ය කළමනාකාර සහායක විභාගයෙන් සමත්ව උසස්වීම් ලැබ සේවයෙන් ඉල්ලා අස්වී යාමය.

මෑතක් වන තුරු කලාපයේ පාසල්වල සුළු සේවක මහත්ම මහත්මීන් 133 කු සේවයේ යෙදී සිටි අතර, සේවකයින් 34ක් උසස්වීම් ලැබූ වෙනත් රාජ්‍ය ආයතනවලට යාම නිසා සුළු සේවක පුරප්පාඩු 99ක් පවතින බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහත්මිය ‘දිනමිණ’ට පැවසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා