ඇඩ්‍රස් නෑ ළඟදීම

ඇඩ්‍රස් නෑ ළඟදීම

ජැක්සන් ඇන්තනී විසින් හුදි ජනපහන් සංවේගය පිණිස නිර්මාණය කෙරෙන සුභාවිත චිත්‍රපටය ‘ඇඩ්‍රස් නෑ’ ළඟදීම රිදීතිරයට පිවිසීමට නියමිතය.

සුභාවිත යන්නෙන් වැඩියෙන් භාවිතා කෙරෙන සහ හොඳින් භාවිත කෙරෙන යන අර්ථය දෙමින් ඇඩ්‍රස් නෑ යනු හොඳින් සහ වැඩියෙන් භාවිතා වීම සඳහා නිපදවෙන වර්තමාන කාලීන සුභාවිත චිත්‍රපටයකි.

ඇඩ්‍රස් නෑ යන්න රස්තියාදු වචනයක් සේ සැලකුවද ඒ හරහා ලොකු සමාජ දේශපාලනික අර්ථයක් ලබා දීමට උත්සහා දැරූ චිත්‍රපටයකි.

සිඟන්නන්, වීදි දරුවන්, වීදි වෙසඟනන්, කුලියට මිනී මරන්නන්, සොරුන්, මංකොල්ලකරුවන්, ගැටකපන්නන් මේ අය ජන සංගණනවලට අසු වන්නේ නැහැ.

ඡන්ද ලැයිස්තුවලට ඇතුළත් වන්නේ නැහැ. මන්ත්‍රීලා නෑ. ග්‍රාමසේවකලා නැහැ. පල්ලි නෑ. පන්සල් නෑ. ඉස්කෝල නෑ. ඒ නිසා මෙහි චරිතවලට ඇඩ්‍රස් නැහැ.

අහන්නේ නෑ. බලන්නේ නෑ. සොයන්නේ නෑ, දකින්නේ නෑ, අහසක් නෑ, පොළවක් නෑ, ඇඩ්‍රස් නෑ, ජැක්සන් ඇන්තනී, මහේන්ද්‍ර ‍ෙපරේරා, සබීතා පෙරේරා, කමල් අද්දරආරච්චි, රොෂාන් රවීන්ද්‍ර දර්ශන් ධර්මරාජ්, ශේෂාද්‍රි ප්‍රියසාද්, අඛිල ධනුද්ධර, බිමල් ජයකොඩි, අරුනි රාජපක්ෂ, කුමාරි මුණසිංහ, ගාමිණී ජයලත්, වසන්ත විට්ටච්චි, දිමුතු චින්තක ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ.

ඇත්ත ඉපදුන දවසේම බොරුවද ඉපදුනේය. ආලෝකය ඉපදුන දාම අන්ධකාරයද ඉපදුනේය. පො‍ෙහාසත්කම ඉපදුන දාම දුප්පත්කම ඉපදුනේය. රජුන් ඉපදුනුදටම සිඟන්නන්ද ඉපදුනේය. ඒත් රජුන්ට ඇඩ්‍රස් තිබේ. සිඟන්නන්ට , ඇඩ්‍රස් නෑ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා