මහේලට තුවාළයි

මහේලට තුවාළයි

ශ්‍රී ලංකා පළපුරුදු පිතිකරු මහේල ජයවර්ධන ගේ වම් අතේ ඇඟිලි දෙකකට තුවාළ සිදුව තිබේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ ‘ස්ලිප්ස්’ හි දී පන්දු රකිමින් සිටියදී මහේල ගේ වම් අතේ සුළැඟිල්ල හා වෙදැඟිල්ල අතර පෙදෙසේ පැල්මක් හටගත් අතර තුවාළයට මැහුම් දමනු ලැබීය.

වේග පන්දු යවන නුවන් ප්‍රදීප් තරගයේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී පාකිස්තාන පළමු කඩුල්ල දවාලීමෙන් පසුව කඩුල්ලට පිවිසි මොහමඩ් හෆීස් ගේ පිත්තේ අග වැදී පහතින් ආ උඩ පන්දුව රැක ගැනීමට දෙවැනි ‘ස්ලිප්’ හි පන්දු රකිමින් සිටි මහේල ඔහුගේ වම් අත දිගහරිමින් ගුවනේ පාවී දැරූ උත්සාහයේදී මේ තුවාළය සිදුවිය.

තුවාළය සිදුවූ වහාම මහේල ඔහුගේ වමතේ ඇඟිලි අල්ලා ගෙන පිටියෙන් ඉවත්ව ගියේය. පසුව තුවාළයට මැහුම් තුනක් දැමිනි. මහේල ට පන්දු රැකීමේ කාර්යයේ නිරත විය නොහැකි බවත් එහෙත් ඔහු පන්දුවට පහර දිය හැකි තත්ත්වයේ සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා