වත්තල සා.අන්තෝනි විදු­හ­ලට ඉනි­මක ජයක්

19න් පහළ පාසල් ක්‍රිකට්

වත්තල සා.අන්තෝනි විදු­හ­ලට ඉනි­මක ජයක්

ෂම්සුල් මුනීර්ගේ හා අශාන් රුක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් පිළියන්දල මැදි විදුහල සමග පැවැති අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 116ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට වත්තල සාන්ත අන්තෝනි විදුහල් පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් සාන්ත අන්තෝනි විදුහල් පිල ලකුණු 295ක් රැස් කළ අතර පිළියන්දල මැදි විදුහල් පිල පළමු ඉනිමේදී ලකුණු 101කට දැවී ගියේය. දෙවැනි ඉනිමේ දී ඔවුන් රැස් කළේ ලකුණු 78ක් පමණි.

පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිමේ දී කඩුලු 3ක් දවාලූ මුනීර් දෙවැනි ඉනිමේ දී කඩුලු 6ක් බිඳ දැමූ අතර ඉනිම් 2දීම කඩුලු 4බැගින් දවාලීමට රුක්මාල් සමත්විය.

සා.අන්තෝනි පළමු ඉනිම – 295යි‍. ජේකොබ් සචින් 65, සවන් ප්‍රභාෂ් 45, චරිත් බුද්ධික 44, ආසිරි වගීෂ 43, ෂමල් උඩවත්ත 34( තරංග අමිලදර 110/4, තරිඳු ගීත් 14/2, වශිත විමුක්ති 47/2)

පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම – 101යි. ගිම්හාන ධනුෂ්ක 21 (අෂාන් රුක්මාල් 32/4, ෂම්සුල් මුනීර් 26/3, චරිත් බුද්ධික 13/2) සහ දෙවැනි ඉනිම – 78යි. අනූජ් කොලියාට් 45 ( ෂම්සුල් මුනීර් 32/6, අෂාන් රුක්මාල් 35/4)

වෙස්ලි විදුහලට පළමු ඉනිමේ ජයක්

සාන්ත ‍ජෝශප් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත්විය. ‍සාන්ත ජෝශප් විදුහල් පිටි‍යේ පැවැති මේ තරගයේ වෙස්ලි විදුහල් පිල ලකුණු 210ක් රැස් කළ අතර සාන්ත ජෝශප් විදුහල් පිල සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 188ක් පමණි. වෙස්ලි විදුහල් පිල දෙවැනි ඉනිමේ දී ලකුණු 128කට දැවී ගිය අතර දිනය නිමාවනවිට සාන්ත ‍ජෝශප් විදුහල් පිල කඩුලු 1කට ලකුණු 81ක් ලබා සිටි‍යේය.

වෙස්ලි පළමු ඉනිම – 210යි. කාවින්ද සෙනෙවිරත්න 44, ජොනතන් කදිරමන්පුල්ලේ 39, සචින් ජයවර්ධන 38 ( ‍හෂේන්ද්‍ර පෙරේරා 38/4, අරවින්ද අකුරුගොඩ 47/3) සහ දෙවැනි ඉනිම – 128යි. ඉඳුවර කලුආරච්චි 50, ‍ජොනතන් කදිරමන්පුල්ලේ 24 සා.‍ජෝශප් පළමු ඉනිම – 188යි. ඩිලාන් ප්‍රනාන්දුපුල්ලේ 78, සඳරුවන් රොඩ්‍රිගෝ 22 (ශේවින් ජයසේන 50/5) සහ දෙවැනි ඉනිම – 81/1යි. ඩුරාන් ද අල්විස් 43, කල්ප රවිහාර 25යි.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා