සෝන්ඩර්ස් පල්ලම් බසී

කාගිල්ස් ෆුඩ් සිටි එෆ්.ඒ.කුසලාන පාපන්දු

සෝන්ඩර්ස් පල්ලම් බසී

කාගීල්ස් ෆුඩ් සිටි එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති සෝන්ඩර්ස් - නිගම්බු තරගයෙන් ගෝල් 4-1ක ජයක් නිගම්බු යූත් පිලට හිමිවිය. පසුගිය සති අන්තයේ මේ තරගය බැද්දගාන ක්‍රීඩා පිටියේ පැවැති අතර එහිදී ගෝල් 2-0ක් ලෙස නිගම්බු යූත් ඉදිරියෙන් සිටිද්දී නරඹන්නන් බාධා කිරීම හේතුවෙන් තරගයේ ඉතිරි කොටස ඊයේ සිටි ලීග් පිටියේ දී සම්පූර්ණ විය.

බැද්දගානේ දී පැවැති මුල් කොටසේ දී නිගම්බු යූත් ‍2-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර එහිදී චතුර ගුණරත්න හා ප්‍රදිප් ප්‍රනාන්දු ගෝල් වාර්තා කළහ. ඊයේ ඉතිරි කොටසේ දී තවත් ගෝලයක් ප්‍රදීප් ප්‍රනාන්දු වාර්තා කළ අතර නිගම්බු යූත් පිලේ නිමල් ප්‍රනාන්දු ද ගෝලයක් වාර්තා කළේය. සෝන්ඩර්ස් පිලට හිමිවූ එකම ගෝලය දඬුවම් පහරකින් මොහොමඩ් නලීම් හිමිකර දුන්නේය.

මේ පරාජය හේතුවෙන් ‍සෝන්ඩර්ස් පිල එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට ගිය අතර නිගම්බු යූත් පිල ඊළඟ වටයට සුදුසුකම් ලබාගත්තේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා