චීනය ඇන්ටාටිකා ප්‍රදේශයේ ඊසාන දිගින් නැවු මාර්ගයක් විවෘත කර ගැනීමේ උත්සහයක

චීනය ඇන්ටාටිකා ප්‍රදේශයේ ඊසාන දිගින් නැවු මාර්ගයක් විවෘත කර ගැනීමේ උත්සහයක

ඇන්ටාටිකා ප්‍රදේශයේ ඊසාන දිගට නෞකා මාර්ගයක් විවෘත කර ගැනිම චීන ක්‍රමෝපායික ඉලක්කය වී තිබේ. එම මාර්ගයෙන් චීනයේ සිට යුරෝපයට ගමන් කිරීමට ගතවන කාලය සැහෙන තරම් අඩුය.

පසුගිය දෙසැම්බර් අවසානයේ දී ඇන්ටාක්ටිකාවේ විද්‍යාත්මක ගවේෂණයක් සඳහා පිටත් වී අයිස් තට්ටුවක හිර වී අනතුරට පත් නැවේ ගමන් ගත් 52දෙදෙනා චීන පර්යේෂණ නෞකාවක් මුදා ගන්නා ලදි. මෙගින් ධ්‍රැව අන්ත දෙකේම සිය බලය පතුරුවා හැරීමට ආසියානු බලවතා වන චීනය ගන්නා ප්‍රයත්නය පිලිබිඹු කරන බව විශ්වාස කෙරේ .

චීනයේ ප්‍රධාන අපනයනකරුවා වන්නේ යුරෝපයයි. මේ අතර චීනය දැනට ඇන්ටාක්ටිකාවේ ගවේෂණ ගමන් වාර 30ක් සිදුකර තිබේ . මේ අතර පර්යේෂණ කඳවුරු තුනක් ද පිහිටුවා තිබේ. ඉන් එකක් පිහිටා ඇත්තේ ඉහළම අයිස් තට්ටුවක අඩි 13000ක පමණ උසකය .

අජටාකාශ තරගයට මෙන්ම ධ්‍රැව ගවේෂණයට ද චීනය දැන් ප්‍රබල ලෙස අවතිර්ණ වී ඇතැයි විශේෂඥයෝ පවසති. මේ ඇසුරින් තවත් දශක කිහිපයක දී හෝ චීනය ධ්‍රැවවල ස්වභාවික සම්පත් සහ භූමි සම්පත් රැස්කර ගැනීමට යත්න දරන බවද සඳහන් වේ .

ඇන්ටාක්ටික් ගිවිසුම අනුව 2048 වන තුරු පතල් කැනීමේ කටයුතු තහනම් වුවත් එකි කටයුතු වලට ද ප්‍රවේශවීමට චීනයට හොඳ සුදානමක් ඇති බව ජාත්‍යන්තර නීතිය පිළිබඳ ඔස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩොනල්ඩ් රොත්වෙල් පවසයි .

ඇන්ටාක්ටිකාවේ හිර වු රුසියන් නැවේ සිටි ගවේෂකයන් බේරා ගන්නා ලද්දේ ස්නෝ ඩ්‍රැගන් නැමති මෙම පර්යේෂණ නෞකාව ඇන්ටාක්ටිකාවේ හතරවන කඳවුරක් පිහිටුවීම සඳහා දින 155ක ගමනක යෙදී සිටි අතරවාරයේ දී ය .

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා