වෙනිසියුලාවේ හිටපු රූ රැජනක් හා ඇගේ සගයා වෙඩි තබා ඝාතනය කරති

වෙනිසියුලාවේ හිටපු රූ රැජනක් හා ඇගේ සගයා වෙඩි තබා ඝාතනය කරති

පස්හැවිරිදි දියණියටත් තුවාල

වෙනිසියුලාවේ හිටපු රූ රැජනක් සහ ඇයගේ සගයා මෝටර් රථයකින් පෝටෝ කැබිලෝ සහ වැලන්සියා අතර ගමන් කරමින් සිටිය දී තුවක්තුකරුවෙක් වෙඩි තබා ඝාතනය කර ඇත .

මොවුන් මෙසේ මරා දමා ඇත්තේ පස්හැවිරිදි දියණිය ඉදිරියේ දී බව පොලිසිය කියයි. එම දැරිය ද අනතුරෙන් තුවාල ලබා ඇතත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අපරාධ රැල්ලක් ක්‍රියාත්මකවන වෙනිසියුලාවේ සිදු වී ඇති මේ කුරිරු සිද්ධිය හේතුවෙන් රටම කම්පාවට පත්වී ඇතැයි සඳහන් වේ. වයඹ දිග වෙනිසියුලාවේ දී 29 හැවිරිදි මොනිකා ස්පියර් නැමති හිටපු රූ රැජන සහ ඇගේ බ්‍රිතාන්‍ය සඟයා වු 39 හැවිරිදි තොමස් බෙරි ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ මෝටර් වාහනය දෝෂයක් නිසා අතර මඟ නැවතී තිබු විට සොරකමක් කිරීමට තැත් කළ අවස්ථාවක දී බව පොලිසිය පවසයි .

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මිගුවෙල් රොඩ්‍රිගෝස් ජනාධිපති නිකලොස් මඩුරෝ සමඟ පැවති රැස්විමක දී පවසා ඇත .

එරට අපරාධ සම්බන්ධයෙන් අයෝමය හස්තයකින් පියවර ගන්නා බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ වසර 2005 විශ්ව රූ රැජන තරගයෙන් ස්පියර්ස් අර්ධ අවසාන පුර්ව තරගයට ද තේරුන තැනැත්තයකි. අමෙරිකාවේ ජීවත්වන ඇය සිය රටට පැමිණ ඇත්තේ නිවාඩුවක් ගත කිරීමටය .

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා