පලා ගිය ස්ත්‍රී දූෂකයකු අල්ලන්න ජපානයේ දැවැන්ත මෙහෙයුමක්

පලා ගිය ස්ත්‍රී දූෂකයකු අල්ලන්න ජපානයේ දැවැන්ත මෙහෙයුමක්

පලාගිය ස්ත්‍රී දූෂක සැකකරුවකු සොයා ජපානයේ ඊයේ මහා මිනිස් දඩයමක් ඇරඹී තිබිණ. මේ සඳහා පොලීස් නිලධාරීන් 4000 ක් වාහන 850ක් ඉවඅල්ලන සුනඛයන්, හෙලිකොප්ටර් යානා හා බෝට්ටු රාශියක් යොදාගෙන තිබුණු බව වාර්තා වී තිබේ.

ඉකුත් 2දා කවසාකි නගරයේ වීදියක දී කාන්තාවක කොල්ලකා ඇය දූෂ්‍ය කළ කල්ලියකට සම්බන්ධ පුද්ගලයකු වන 20හැවිරිදි යූටා සුගිමෝටෝ නම් මේ පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් තිබී ඇත.

ඔහු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදාය. ඊයේ චෝදක නිලධාරින් පොලීසියට පැමිණි අවස්ථාවක ඔවුන් ආරක්ෂක නියාමකයන්ගෙන් ගැලවී පලා ගොස් තිබේ. ඉන්පසු ඔවුන් සොයා මේ මහා හඹා යාම ඇරඹී ඇත. පාසල්වල දරුවන්ට තනිවම පාසලින් බැහැර‍නොවන ලෙස උපදෙස් දී තිබේ. අපරාධකරුවන් පලා යමින් සිටින බැවින් බියජනක් තත්ත්වයක් උද්ගතව ඇතැයි පැවසේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා