ප්‍රහාර එල්ල කිරීම ඉරාක හමුදා බලධාරිහු කල් දමති

ෆලුජා නගරය යළි අත්පත්කර ගැනීමට

ප්‍රහාර එල්ල කිරීම ඉරාක හමුදා බලධාරිහු කල් දමති

ඉරාකයේ ෆලූජා නගරයේ ගැටුම් හේතුවෙන් කර්බලා ප්‍රාන්තයේ කඳවුරක ලැගුම් ගෙන සිටින සුන්නි මුස්ලිම් සරණාගතයන් සංක්‍රමිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය බෙදා දුන් බ්ලැන්කට් සහ ගුදිරි
ඔසවාගෙන යන අයුරු.

යුද ගැටුම් සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් රමඩිනගරයේ 29දෙනෙක් මිය යාමෙන් අනතුරුව ත්‍රස්තවාදීන් අත්පත් කරගෙන සිටින ෆලුජා නගරය යළි අත්පත් කර ගැනීමට ප්‍රහාර එල්ල කිරීම ප්‍රමාද කිරීමට ඉරාක හමුදා බලධාරිහු තිරණය කර තිබේ.

වෙනත් ස්ථානවල සිදු වු බෝම්බ ප්‍රහාර සහ වෙඩිතැබීම්වලින් ද 27දෙනෙක් මියගොස් ඇත. ඒ අතුරින් 12දෙනෙක් හමුදා භටයන් බව වාර්තා වේ .

අන්බා ප්‍රාන්තයේ අගනුවර වු රමඩිවල කොටසක් සහ ෆලූජා නගරය පසුගිය සතියේ සිට රජයේ පාලනයෙන් ගිලිහි තිබේ. වසර 2003 අමෙරිකාවේ නායකත්වය යටතේ සිදු කළ ආක්‍රමණයෙන් අනතුරුව ප්‍රධාන නගර සටන්කාමින්ගේ පාලනයට නතු වී ඇත්තේ ප්‍රථම වතාවටය .

ෆලූජා නගරයට දැන්ම ප්‍රහාර එල්ල කළහොත් සාමාන්‍ය වැසියන් රැසක් අනතුරට පත්වීමේ ඉඩකඩ ඇති හෙයින් ද සුන්නි බහුතරයක් සිටින ප්‍රදේශයකට ප්‍රහාර එල්ල කිරීම දේශපාලන වශයෙන් සංවේදී නිසාත් මෙම තිරණයට එළඹි බව ලුතිතන් ජෙනරාල් මොහොමඩ් අල් - අස්කාරි ප්‍රකාශ කර තිබේ. අමෙරිකාවේ සහාය නැතිව එරට හමුදාවට තනිව මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම ගැටලු සහගත විය හැකි බවද වාර්තා වේ .

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා