චමිල් 10වැනි වරටත් කැරම් ශූරතාව දිනයි

චමිල් 10වැනි වරටත් කැරම් ශූරතාව දිනයි

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කළ 46 වැනි ජාතික කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට චමිල් කුරේ සමත්විය. පසුගිය වසරේ ජාතික ශූරයා වු චමිල් මේ ශූරතාව දිනාගත් 10 වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

පසුගිය වසරේ ජාතික ශූරියවු චලනි ලක්මාලි පරාජය කරමින් මෙවර කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ජෝශප් රොසිටා සමත්වුවාය.

පිරිමි කේවල අවසන් තරගයේදී චමිල් කුරේ හමුවේ මොහොමඩ් සහීඩ් ලකුණු 25/7, 7/25, 25/0 කින් (වට 2-1) පරාජයට පත්විය. සහීඩ් කැරම් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් අවසන් තරගයට පැමිණි පළමු අවස්ථාව මෙය විය.

විරාජ් ප්‍රනාන්දු වට 2-1කින් පරාජය කළ උදෙශ් චමින්ද තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගත්තේය. කාන්තා තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී යශිකා රාහුබද්ධ හමුවේ මධුෂිකා කාංචනමාලා වට 2-1කින් පාරාජයට පත්විය.

කැරම් ශ්‍රේණිගත කිරිමේ පළමු 16 දෙනාගේ තරගයේදී මොහොමඩ් සහීඩ් හමුවේ කැරම් කේවල ඉසව්වේ ලෝක ශූරයා වන නිශාන්ත ප්‍රනාන්දු පරාජයට පත්වීමෙන් තරගාවලියේ ඉවතට විසිවිය. තරගාවලිය පසුගිය සති අන්තයන්හිදී මහරගම කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්විණි.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා