ජපානයට ප්‍රබල හිම කුණාටුවක්

ජපානයට ප්‍රබල හිම කුණාටුවක්

දසක ගණනාවකට පසුව ජපානයට බලපෑ දරුණුතම හිම කුණාටුවක් හේතුවෙන් 5 දෙනෙක් මියගොස් 600කට අධික පිරිසක් තුවාල ලබා තිබේ . ඊයේ පළ වූ නවතම වාර්තා අනුව මෙම ත්ත්ත්වය ටෝකියෝ නගරයට මෙන්ම ජපානයේ සෙසු ප්‍රදේශවලට ද තදින් බලපා තිබේ.

ටෝකියෝ නගරයට අඟල් 10.6 ක් හිම තට්ටුවක් පතිත වී ඇති අතර වසර 45 කින් පසුව බලපෑ වැඩිම හිම පතනය ලෙස වාර්තා වේ. මේ අතර ඊසාන දිග සෙන්ඩායි නගරයට අඟල් 13.8 ක් හිම පතනයක් සිදුවී ඇත. ඒ වසර 78 කින් පසුව ඇද හැලුණ වැඩිම හිම පතනයයි.

මිලියන 13ක් පමණ වෙසෙන ටෝකියෝ නගරයේ ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිත අතර අධික ශීතල හේතුවෙන් ඡන්දය දීමට පැමිණෙන සංඛ්‍යාව විශාල ලෙස අඩුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. මරණ වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ වාහන හිම මත ලිස්සා යාමෙන් සිදු වූ අනතුරුවලිනි.

නිවාස 20000කට වැඩි සංඛ්‍යාවක විදුලිය ඇනහිට තිබේ. දේශීය ගුවන් ගමන් වාර 200ක් පමණ අවලංගු කර ඇති අතර තවත් ගුවන් යානා 740 ක් පමණ ගුවන් ගත කිරීමට නොහැකි වූ බව සඳහන් වේ. මේ හේතුවෙන් නැරිටා ගුවන්තොටුපොළේ ගුවන් මඟීන් 5000 =කට අධික පිරිසක් ‍අතරමං වී ඇත. ජපන් කාලගුණ කාර්යාංශය පවසන අන්දමට ජපානයේ උතුරු දිග ප්‍රදේශවලට ඊයේත් අධික හිම පතනයක් සිදුවනු ඇතැයි අනාවැකි පළ කර තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා