යුක්‍රේන ජනාධිපතිට රුසියාවේ දී විරෝධය

යුක්‍රේන ජනාධිපතිට රුසියාවේ දී විරෝධය

යුක්‍රේන පාර්ලිමේන්තුව අබියස විරෝධතා දක්වන විරෝධතාකරුවන්

රුසියාවේ සෝචි නගරයේ පැවැත්වෙන ශීත ඔලිම්පික් තරගයේ සමාරම්භක උත්සවයට සහභාගි වීමට ගිය යුක්‍රේන ජනාධිපති වික්ටර් යැනුකොවිච් රුසියන් ජනාධිපති වැල්ඩිමිර් පුටින් සමඟ පෞද්ගලික සාකච්ඡාවක් පැවැත්වීමට එරෙහිව යුක්‍රේන විරෝධතාකරුවන් යළිත් වරක් දැඩිව නැඟී සිටි බව වාර්තා වේ. ඊයේ යුක්‍රේනය පුරා දැවැන්ත ජනරැලි පැවැත්වීමට සියලු විධිවිධාන සලසා තිබූ බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ බලතල කපා හැර බටහිරට නැඹුරු රජයක් පිහිටවිය යුතු බවට විරෝධතාකරුවෝ හඩ නගති. දෙරට නායකයන් අතර සෝචි හි පැවති සාකච්ඡා පිළිබඳ තොරතුරු අනාවරණය කර නැ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා