බොස්නියාවේ විරෝධතා උග්‍ර වේ

බොස්නියාවේ විරෝධතා උග්‍ර වේ

දිනෙන් දින වැඩිවන දරිද්‍රතාවටත්, රැකියා හිඟයට විසඳුම් ලබා දීමටත් බොස්නියා රජය අපොහොසත්වීම හේතුවෙන් එරට ප්‍රබල විරෝධතා දියත් වී තිබේ. 1992 - 1995 සිවිල් යුද්ධයෙන් අනතුරුව එරට පැන නැඟී ඇති දරුණුතම නොසන්සුන්තාව මෙය ලෙස සැලකේ. ඉදිරියේ දී තත්ත්වය තවදුරටත් බරපතළ වනු ඇති බවට විරෝධතාකරුවෝ අනතුරු අගවා තිබේ.

ටුස්ලා කාර්මික කලාපයෙන් ආරම්භ වූ මෙම විරෝධතා දැන් රට පුරා ව්‍යාප්ත වී තිබේ. මේ හේතුවෙන් දැනටමත් සිය ගණන් පිරිසක් තුවාල ලබා ඇති අතර රජයේ ගොඩනැඟිලි සහ දේපළ ගිනි බත්කර තිබේ .

නිල නොලත් වාර්තා අනුව එරට රැකියා විරහිත භාවය 44%ක් තරම් ඉහළය. එය යුරෝපයේ වැඩිම විරැකියා ප්‍රතිශතය ලෙස සැලකේ. සේවකයන් ගේ ගේ සාමාන්‍ය මාසික වැටුප ද යුරෝ 420 ක් තරම් පහළ මට්ටමක පවතී. හදිසි පෞද්ගලීකරණය හේතුවෙන් පතාක සමාගම් වසා දමා ඇත. විරැකියාවෙන් පෙළෙන 25 %ක් පමණ පිරිස තරුණ තරුණියන් බව වාර්තා වේ. බොස්නියාව වැටී ඇති අගාධයෙන් එරට මුදා ගැනීමට වසර 2012දී බොස්නියාවට වසර දෙකකට යුරෝ මිලියන 324 ක සහන ණයක් ලබා දුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය සතියේ ද පස්වන ණය වාරිකයක් ලබාදීම ද අනුමත කර ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා