රට අරාජික කිරීමට මාන බලමින් සිටින විදෙස් බලවේගවලට සාර්ථකව මුහුණ දෙමු

රට අරාජික කිරීමට මාන බලමින් සිටින විදෙස් බලවේගවලට සාර්ථකව මුහුණ දෙමු

 - ඇමැති වාසුදේව නානායක්කාර

විවිධත්වයෙන් හා එකමුතුකමෙන් අලංකෘතවූ ශ්‍රී ලාංකීය ජාතිකත්වය වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා මුළු රටම යොමු කොට රට අරාජික කිරීමට මාන බලමින් සිටින විදෙස් බලවේගවලට සාර්ථකව මුහුණදෙමු යැයි ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ ‍කළේ පෙරේදා (19) රාජගිරිය සවරිනා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්ය. මේ මාධ්‍ය හමුව අප්‍රේල් (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාතික සමගියේ මහා සමුළුව පිළීබඳ කරුණු දැක්වීම සඳහා පැවැත්විණී.

එහිදි වැඩිදුරටත් කතාකළ ඇමැතිවරයා හෘදයාංගමව බැඳුණු හදින් මනසින් සවිවරවූ එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ලෝකය වෙත පිවිසීම සඳහා අප අමාත්‍යාංශය ඇතුළු රජයේ නියෝජිත ආයතන ගණනාවක්ම ක්‍රියාත්මක කරමින් ඇති වැඩසටහන් හා ක්‍රියාදාමයන් වර්ධනය වෙමින් තිබේ. ඒ අනුව ද්වීභාෂා ප්‍රතිපත්තිය නිසා එකිනෙකාගේ සංස්කෘතික උරුමයන්හි ආශ්වාදය විඳිමින් සිටියි. මේ රටේ විවිධ තලයන්හි ප්‍රවීණයන් ලෙස සැලකෙන සියලු ජාතීන්ට අයත් පුරවැසියන් දසදහසකට වැඩි සංඛ්‍යාවක් ඒකරාශී කොට ඇති කරන කතිකාවක් මඟින් ජාතික සමගිය සඳහා වූ ගමන් මඟ දක්වන විවිධත්වය තුළ එක්සත් භාවය උදෙසා වූ ප්‍රතිඥාවක් වූ ප්‍රකාශයට පත්කිරීමට අප අමාත්‍යාංශය සමාජ සංවිධාන සමඟ එක්ව කැඳවනු ලබන ජාතික සමගියේ මහා සමුළුව සාර්ථක කර ගැනීමට රටට හිතැති අයගෙන් සහයෝගය ඉල්ලුවේය‍‍‍. මෙහිදි කතා කළ කලා ශිල්පිණී පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනි ෆොන්සේකා මහත්මිය කලාකරුවන් ලෙස එකම ශ්‍රී ලංකික ජාතියක් ගොඩනැඟීම සඳහා මේ දරන උත්සහයට සහයෝගය ලබාදෙන අතර ඊට කලා මාධ්‍යයෙන් සුවිශාල වැඩ කොටසක් සිදුකළ හැකි බව පෙන්වා දුන්නාය. ඒ මහතාගේ පදනමෙන් පාපැදි පන්දහසක් බෙදාදීම ඇතුළු සිදුකළ දේ ඒමහතා විස්තර කළේය.

මාධ්‍ය හමුව ඇමතු ජනප්‍රිය ගායන ශීල්පි භාතිය ජයතිලක මහතා රටේ අන්තවාදය පතුරවන්නේ ඉතා සුළු පිරිසක් බව පෙන්වාදුන් අතර 80%ක් ඉතාම සමකාමිව තමතමන්ගේ වැඩකටයුතු කරගෙන ඉන්න කැමති අය බව අවධාරණය කළේය. ජනප්‍රිය ගායන ශිල්පි සන්තුස් වීරම්න් මහතා අදහස් දක්වමින් භාෂාව මගින් නොව වෙනත් ක්‍රම වලින් මේ සාමයේ පණීවුඩය උතුරේ ජනතාව වෙත ළඟා කිරීමට උත්සහ කළ යුතු කාලය ඇවිදින් බව පැවසීය.

නැඟෙනහිර විශ්වවිද්‍යායේ හිටපු කුලපති ජෙසීමා ඉස්මයිල් මහත්මිය තමා නිතරම ශ්‍රී ලාංකීය ඉස්ලාමීය භක්තිකයකු වශයෙන් අමතනවාට කැමති බව පැවසුවාය. මේ විශාල ජාතික කාර්ය සාර්ථක කර ගැනිමට කවුරුත් සහයෝගය ලබාදෙම් යැයි පැවසුවාය.

හිටපු දිසාපතිවරයකුවූ ආචාර්ය නේසයියා මහතා කතා කරමින් 13 වැනි සංශෝධනය ශක්තිමත් කොට මේ ගැටලුවට විසඳුම් ලබ‍දෙමු යැයි කීවේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා