දැයට කිරුළින් ඉදිවූ දෙවෙනි නැණසල සිසු අයිතියට

සමාජ ජාල මාධ්‍යවල අනිසි බලපෑම් අඩු කරන වැඩපිළිවෙළක් හදන්න අවධානය යොමු කරනවා

- ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

සමාජ ජාල මාධ්‍යවලින් ජනතාවට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා යම් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සැකසිය හැකිදැයි තමන් සොයා බලන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය පරිහරණය කිරීම හේතුවෙන් මෑත කාලයේ සිදුව තිබෙන ජීවිත හානි සහ වෙනත් ගැටලු අවම කර ගැනීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය යම් පියවරක් ගන්නේදැයි ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

මෙම මාධ්‍ය හමුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (20) පැවැත්විණි.

සමාජ ජාල මාධ්‍ය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවලටත් ගැටලු ඇති කර තිබෙන බව කී ඇමැතිවරයා, එම තත්ත්වය අවම කැර ගැනීමේ දී විශේෂයෙන් ම ජනමාධ්‍ය නිදහස සහ දැනුම ලබා ගැනීමේ අවස්ථාවට වැට නොබැඳ ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍යවල සියයට 5ක් වන අගතිගාමී බව පමණක් පාලනය කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතුව ඇති බවත් කීවේය. මේ සම්බන්ධයෙන් මේ වනවිට තමා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ද පැවැසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා