දැයට කිරුළින් ඉදිවූ දෙවෙනි නැණසල සිසු අයිතියට

දැයට කිරුළින් ඉදිවූ දෙවෙනි නැණසල සිසු අයිතියට

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව ඉදිකළ අතිනවීන පහසුකම්වලින් සමන්විත නැණසල තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය කුලියාපිටිය කාර්මික විද්‍යාල පරිශ්‍රයේ දී අද (21) විවෘත කෙරේ.

වාර්ෂිකව පැවැත්වෙන දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ඉදිකළ දෙවන නැණසල තොරතුරු තාක්ෂාණ විද්‍යාගාරය මෙය බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට තම දැනුම පුළුල් කර ගැනීමට මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය බෙහෙවින් වැදගත් වන බවද එම නියෝජිතායතනය සදහන් කරයි. විදුලි සන්දේශ සහ තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කිරීම සිදුකෙරේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා