ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය කාලයේ එහි ආරක්ෂක රාජකාරි ‍වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6000ක් යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

සොරකම් හා කොල්ලකෑම් සම්බන්ධයෙන් විවිධ පළාත්වලින් පැමිණිය හැකි ලියාපදිංචි

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඒ ඒ ප්‍රදේශවලින් ගෙන්වාගත් අපරාධකරුවන් හඳුනාගත හැකි 433කින් යුතු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ද රහසිගතව ස්ථානගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අද(21) කුලියාපිටියේ දී විවෘත වන අට වැනි දැයට කිරුළ නැරඹීමට පැමිණෙන්නන් ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව මෙසේ විශේෂ ආරක්ෂක සැලැස්මක් සකසා ක්‍රියාවට නංවා ඇත.

සිවිල් ඇඳුමෙන් සැරසුණු(ආවේශන රාජකාරිය සඳහා) නිලධාරීන් 1000ක් ද දැයට කිරුළ භූමියේ හා අවට යොදවා ඇති අතර 2000ක් රථවාහන රාජකාරියටද 3000ක් මාර්ග ආරක්ෂාවටද යොදවා ඇත.පොලතින්,බෝතල් වැනි අපද්‍රව්‍ය දමා පරිසර දූෂණය කරන්නන් අත්අ‍ඩංගුවට ගැනීමට පරාසර පොලිසියේ දෙසිය දෙනෙක් යොදවා තිබේ.

ප්‍රදර්ශන භූමියේ තැනින් තැන පොලිස් කුටි ස්ථානගත කර ඇත.මේ කුටි වල සිංහල දෙමළ භාෂා දන්නා නිලධාරීන් හා නිලධාරිනියන් සිටින අතර අවශ්‍ය තොරතුරු ඕනෑම අයෙකුට එයින් ලබාගත හැක.

ප්‍රදර්ශනය නැරඹීමට එන තම දරුවන් ගේ ආරෂාව වෙනුවෙන් වැඩිහිටියන් වඩාත් අවධානය යොමුකරන ලෙසත් දැනුම් තේරුම් ඇති දරුවන් අතරමං වුවහොත් ස්ථානගත කර ඇති පොලිස් කුටියක‍ට හෝ ලඟම සිටින නිලධාරියෙකු‍ට දැනුම් දීමට දැනුවත් කළයුතු අතර තොරතු‍රු පවසන්නට නොහැකි වයසේ පසුවන දරුවන්ගේ ඇඳුමේ ආරක්ෂිතව වැඩිහිටියකුගේ දුරකථන අංකය හෝ වෙනයම් තොරතුරක් තබන ලෙසත් අජිත් රෝහණ මහතා නරඹන්නට එන්නන්ගේන් ඉල්ලා සිටී.රථගාල් වලින් පිටත රථ නැවතුව හොත් හිමිකරුට සිය රථය ලබාගැනීමට පොලිසිය වෙත යායුතු වන බවද හෙතෙම පෙන්වා දෙයි.

අත්‍යවශ්‍ය අවම දෑ පමණක් නරඹන්නන් රැගෙන ආයුතු අතර ගමන් මළු ආදිය රැගෙන ඒමෙන් වලකින ලෙස ද රියදුරන්ගේ වෙහෙසකර බව අනතුරු වලට හේතුවියහැකි බැවින් ඒ පිළිබඳ රථ හිමිකරුවන් සැළකිළිමත් වියයුතු අතර බීමතින් වාහන නොපදවන‍ ලෙසද දැනුම් දෙයි.

වියළි දේශගුණයක් පවතින බැවින් දුම්වැටි ගිනිකූරු දැල්වීමෙන් වලකින ලෙසද කීය. පොලිස් මූලස්ථානයේ දී ඊයේ (20) සවස ඇති මාධ්‍ය හමුවේදී අජිත් රෝහණ මහතා එම කරුණු පැහැදිලි කෙළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා