දකුණු ආසියා බාස්කට්බෝල් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

දකුණු ආසියා බාස්කට්බෝල් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

දකුණු ආසියා බාස්කට්බෝල් ශූරතාවලියේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය. බංග්ලාදේශයේ ඩකාහී ඊයේ නිමාවු පළමු දකුණු ආසියා බාස්කට්බෝල් ශූරතාවලියේ රන් පදක්කම බංග්ලාදේශය දිනාගත් අතර ලෝකඩ පදක්කම නේපාලයට හිමිවිය. මාලදිවයින සිවුවැනි තැනට හා භූතානය පස්වැනි ස්ථානවලට පත්වුහ.

දින හතරක් පුරා පැවැති මේ බාස්කට්බෝල් ශූරතාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් වුහ.

ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ නායකත්වය රොෂාන් රන්දිම සූරියාරච්චි දැරූ අතර මිතිල අබේසේකර, සුදේශ් අහමඩ් හා සමීර චානක සංචාරයට එක්වුහ.

ඉන්දියාව, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය මූලික වටයේදී පරාජයට පත්වු අතර ශූරතාව තෝරා ගැනීමේ අවසන් වටය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින හා භූතානය අතර ලීග් ක්‍රමයට පැවැත්වුණි.

එහිදී බංග්ලාදේශය සහභාගීවු තරග 4ම ජයගෙන පළමු තැනට පත්විය. ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ලකුණු 20-9කින් පරාජය වු අතර භූතානයට එරෙහිව ලකුණු 21-4ක්, නේපාලයට එරෙහිව 17-15ක් හා මාලදිවයිනට එරෙහිව ලකුණු 21-7ක් ලෙස ජයග්‍රහණ වාර්තා කළේය.

මේ ශූරතාවලියේ නේපාලය තරග 2ක් ජයගෙන තරග 2ක් පරාජය වු අතර මාලදිවයින තරග තුනක් පරාජයවී තරගයක් ජයගත්තේය. භූතානය සුපිරි වටයේ තරග 5ම පරාජය විය. රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිල අද මවුබිමට පැමිණීමට නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා