හම්බන්තොට රෝහල් සහ පාසල්වල අඩුපාඩු පියවීමට පියවර ගන්නවා

හම්බන්තොට රෝහල් සහ පාසල්වල අඩුපාඩු පියවීමට පියවර ගන්නවා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු රෝහල් සහ පාසල්වල අඩුපාඩු මගහරවාලීමට මෙම වසර තුළ පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැවසීය. මේ රටේ දරු පරපුරේ අධ්‍යාපනය මෙන්ම සුව සෙත පිළිබඳව වැඩිම අවධානයක් යොමු කළ එකම රජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය බව කොයි කවුරුන් වුවද පිළිගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

වලස්මුල්ල ජාතික පාසලේ මහින්දෝදය විද්‍යාගාරයට සහ වලස්මුල්ල රෝහලේ නව ගොඩනැඟිල්ලට මුල් ගල් තැබීම නිමිත්තෙන් පැවති උත්සව සභාවන් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල පවතින අඩුපාඩු කඩිනමින් මග හරවා දරුවනට යහපත් මානසිකත්වයකින් සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට ඉඩ කඩ සලසා දීමට අද දවස වන විටත් අවශ්‍ය පියවර අරගෙනයි තිබෙන්නේ.

දිස්ත්‍රික්කයේ සෑම රෝහලකම නවීකරණ කටයුතු නොපමාව සිදු කිරීමටත් මාතෲ සායන ගොඩනැඟිලි 30 ක වැඩ නිම කිරීමටත් සුව සෙතට වඩාත් උචිත අයුරින් ඒවායේ වැඩ අවසන් කොට මව්වරුන් වෙනුවෙන් විවෘත කිරීමටත් කටයුතු කර තිබෙනවා. වලස්මුල්ල රෝහලේ ඉදිවන නව ගොඩනැඟිල්ල වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙසීයයක මුදලක් වෙන් කරලයි තිබෙන්නේ.

හැකි ඉක්මණින් මේවායේ වැඩ නිමවා ජනතා අයිතියට පවරා දීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතිබවද මන්ත්‍රීවරයා පැවසීය. දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින් කිහිපදෙනෙක්ම මෙම අවස්ථාවට එක්වී සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා