ඇඳිරි නීතිය කඩ කළ 9ක් 25තෙක් රිමාන්ඩ්

ඇඳිරි නීතිය කඩ කළ 9ක් 25තෙක් රිමාන්ඩ්

අළුත්ගම හා බේරුවල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා තිබියදී ඇඳිරි නීතිය කඩ කළ බව කියමින් පෙරේදා (16) රාත්‍රියේ අධිකරණය හමුවට පමුණුවනු ලැබූ සැකකරුවන් 9 දෙනෙකු මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියම කළාය.

මෙම සැකකරුවන් අළුත්ගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අළුත්ගම පොලිසියේ පොලිස් පරීක්ෂක ලක්ෂිත හා සැරයන් (5871) විමලරත්න යන මහත්වරුන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා