මානව හිමිකම් යෝජනාවට එරෙහිව පක්ෂ විපක්ෂ සැවොම එක්විය යුතුයි

මානව හිමිකම් යෝජනාවට එරෙහිව පක්ෂ විපක්ෂ සැවොම එක්විය යුතුයි

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති පල්ලතර සුමනජෝති නාහිමි

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට එරෙහි පැවැත්වීමට නියමිත පරීක්ෂණ සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇති යෝජනවට පක්ෂ විපක්ෂ සැමගේ සහාය ලැබිය යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී යම් කිසි කණ්ඩායමක් විරුද්ධ වන්නේ නම් ඔවුන් දේශද්‍රෝහින් හැටියට හැදින්විය හැකි යයි පල්ලතර සුමනජෝති නා හිමියෝ දිනමිණට පැවසූහ. නාහිමියෝ මෙසේද කීහ.

නවනිදන් පිල්ලේ සෑම දාම ශ්‍රි ලංකාවට එරෙහි ඒක පාර්ශවික තීරණ ගත් කාන්තාවක්. ඇය පත් කරන මානව හිමිකම් කමිටු පිළිබදව අපට විශ්වාසයක් නැහැ.මේ යෝජනාවට පාර්ලිමේන්තුවේ විරුද්ධ වන පිරිස් එසේ කරන්නේ රට ජාතිය විදේශ බලවේග වලට යටත් කිරීමටයි.

වසර 30ක් තිස්සේ පැවති යුද්ධය නිම කළ ජනාධිපති තුමාත් රණවිරුවනුත් යුධ අධිකරණයකට ගෙනයාම පිල්ලේලාගේ අරමුණයි. යෝජනවට විරුද්ධ වන්නේ නව නීදන් පිල්ලෙලාට උඩගෙඩි දෙන අයයි. මේ අවස්ථාවේ රටගැන ජාතිය ගැන කැක්කුමක් තිබෙන රට නිදහස් කර ගත් රණවිරුවන් පිළිබඳ බක්තියක් තිබෙන සියලු දෙනාගේ ජීවිත රැක ගැනීමට නම් කළ යුත්තේ මේ යෝජනාවට විරුද්ධ නොවි පක්ෂපාති වීමයි. මානව හිමිකම් කඩ‍ කළේ ත්‍රිවිධ හමුදාව නොව කොටි ත්‍රස්තවාදින්ය.

ශ්‍රි මහා බෝධිය දළදා මාලිගාව අරන්තලාවේ භික්ෂු ඝාතනය වැනි මිනිස් ඝාතන සිදු කර මානව හිමිකම් කඩ කළේ කොටි ත්‍රස්තවාදීන්ය. නව නීදන් පිල්ලේලා ක්‍රියා කළ යුත්තේ මේ පිරිස පිළිබඳවයි. යුද්දයේ අවසන් දින දෙකේ දි තමන්ගේ ආහාර වේල පවා යුද්ධයෙන් අසරණ වු ජනතාවට ලබා දුන් රණ විරුවන් රැක ගැනීම අපේ පරම යුතුකම විය යුතුයි. ඒ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇති මානව හිමිකම් යෝජනාවට පක්ෂපාතිවීම සියළුම පක්ෂවල මන්ත්‍රිවරුන්ගේ වගකීම විය යුතු බවද උන් වහන්සේ පෙන්වා දෙති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා