තැපෑලෙන් ආ මිලියන 30ක විදේශීය සිගරැට් රේගු දැලේ

තැපෑලෙන් ආ මිලියන 30ක විදේශීය සිගරැට් රේගු දැලේ

ඩුබායි සිට ව්‍යාජ ලිපිනයන් යොදා තැපැල් මඟින් බෙදා හැරීමට මෙරටට එවා තිබු රුපියල් මිලියන තිහක් වටිනා විදේශීය සිගරැට් තොගයක් ‍රේගු නිලධාරීන් ඊයේ (17)අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ ටොප් මවුන්ටන් වර්ගයේ‍ විදේශීය සිගරැට් කාටුන් තුන්දහසක් (3000) තිබු බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසයි.

බස්නායක මහතා එසේ පැවසුවේ ‍තැපැල්දෙපාර්තුමේන්තුවට එවා ව්‍යාජ ලිපිනයන් සහිත පාර්සල් හැට එකක් තැපැල්පති රෝහන අබේරත්න මහතා ඉදිරියේදී විවෘත කල අවස්ථාවේදීය. අදාළ පාර්සල් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන්ගේ නම් හා ලිපිනයන් යොදා තිබුනත් සොයා බැලීමේ දී මෙවැනි ලිපිනයන් නොමැති බවද තැපැල්පතිවරයා පැවසීය.

රේගු දෙපාර්තු‍මේන්තුව හා තැපැල් දෙපාර්තුමේන්තුව ඒකාබද්දව පාර්සල් පිළිබඳ විමර්ශනය කිරීමේදි මේ සැකකටයුතු පාර්සල් තොගය සොයා ගැණීමට හැකිවී තිබේ.  ගුවන් මඟින් හා නැව් මඟින් මෙවැනි පාර්සල් එවා තිබු අතර නිතර නිතර ජාවාරම් කරුවන් රේගු නිලධාරීන්ගේ ඇස්වසා කූට උපක්‍රම මගින් හොර බඩු එවීමට ජාවාරම් කරුවන් යොමුවන බවද බස්නායක මහතා පැවසීය.

‍තීරුබදු නොගෙවා එවු සිගරුට් තොගයෙන් රජයට විශාල බදු ආදායමක් අහිමිවී ඇතැයි ද රේගු නිලධාරීන් පවසයි. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් පී විජේවීර , රේගු අදායම් අධීක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ කේ. පී නිකලස් යන මහත්වරුන්ගේ උපදෙස් මත ,නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්වන සී. විජේතුංග , පරාක්‍රම බස්නායක, රේගු අධිකාරීවරුන්වන ජී‍.බී. ඥානරාජ්, ජේ.ඒ.එස්. ජයකොඩි,එස්.කේ.ටික්සන්,නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්වන ආර්.එන්. සී. වීරසිංහ,ලක්ෂමන් මල්විට, එම්.එම්.ඊ. සුරියබන්ඩාර,යු.එන් .දුෂන්ත, එම්.එම්.එන්.එස්.රාජගුරු, උපුල් ඉන්ද්‍රජින්යන මහත්වරු සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා