මධ්‍යම කඳුකර බටහිර බෑවුමට විටින්විට තද සුළං සමඟ වැසි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින්විට තද සුළං සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්හි තාවකාලික තද සුළං සමඟ ප්‍රබල දකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු වලින් වැළකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විශේෂයෙන් එළිමහනේ ගැවසීමෙන් වළකින ලෙසත් ජනතාවට දන්වා සිටී.

වායුගෝලයේ කැලඹිලි තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අද (04) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මධ්‍යම සබරගමුව හා බස්නාහිර පළාත් වලත් ගාල්ල හා මාතර සමහර ස්ථාන වලත් මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණානායක මහතා පවසයි.

දිවයින වටා ක්‍රියාකාරී වලාකුළු හේතුවෙන් විටක දිවයින වටා මුහුදු තීරයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බැවින් නාවික හා ධීවර කටයුතු වලින් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.