ගෝණ මස් ප්‍රවාහනය කළ පුද්ගලයකුට 40 000ක දඩ

ගෝණ මස් ප්‍රවාහනය කළ පුද්ගලයකුට 40 000ක දඩ

ගෝණකු මරා යතුරු පැදියකින් මස් ප්‍රවාහනය කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 40 000ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය.

ඊට අමතරව සැකකරු ළඟ තිබූ ගෝණ මස් තොග විනාශ කර දමන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ ගලෙන්බිඳුණුවැව පොලීසිය කියා සිටියේ සැකකරු හබරණ හල්මිල්ලෑව ප්‍ර දේශයේ පිහිටි රක්ෂිතයකින් මරා දැමීමට තහනම් සතෙකු වන ගෝණෙකු මරා දමා මස් සකසා ගෙන ගලෙන්බිඳුණුවැව නගරයට මස් කිලෝග්‍රෑම් 36ක් කලු පැහැති බෑගයක දමාගෙන අලෙවි කිරීම සඳහා පල්සර් වර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

පොසොන් සමය අවසන් වූ දිනයේම මේ පුද්ගලයා අධික මිලට මස් අලෙවි කිරීම සඳහා ගලෙන්බිඳුණුවැව නගරයට ගෙන එද්දී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බවද පොලීසිය වැඩි දුරටත් අධිකරණයට දන්වා සිටියේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා