සිසුවියක ලිංගික අපයෝජනය කළාට හිටපු එජාප මන්ත්‍රී වසර 20ක් හිරේට

සිසුවියක ලිංගික අපයෝජනය කළාට හිටපු එජාප මන්ත්‍රී වසර 20ක් හිරේට

බාල වයස්කාර පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් ඊයේ 17 නියම කළාය.

මෙසේ සිර දඬුවම් නියම වූයේ හිටපු එ.ජා.ප මන්ත්‍රීවරයකු හා හිටපු පොලිස් කොස්තාපල්වරයකු වූ වර්තමානයේ රෝහල් සේවකයකු වශයෙන් සේවය කළ අංක 101 ජයන්ති ශ්‍රමය , සාලියපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි නිමල් පින්සිරි ගොඩකන්දෙණියගේ නොහොත් නිමල් පින්සිරි මාමා යන අයටයි.

විත්තිකරුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමට අමතරව රුපියල් 2500 දඩ මුදලක් හා අගතියට පත් පාර්ශ්වයට රුපියල් 100000ක වන්දි මුදල් ගෙවන ලෙසද විනිසුරුවරිය නියෝග කළ අතර එම දඩමුදල් නොගෙවන්නේ නම් තවත් මාස 06 බැගින් වූ ලිහිල් වැඩ සහිත සිර දඬුමක්ද නියම කළාය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනීතීඥ කණිෂ්ක රාජකරුණා මහතා සමඟ අනුරාධපුර ළමා හා කාන්තා කාර්යංශය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් භාෂාන්ති රාජකරුණා මහත්මිය පෙනී සිටියාය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා