විදුලි බිලේ අඩු වැඩිවීම මේ වසර අග තීරණය කළ හැකියි

විදුලි බිලේ අඩු වැඩිවීම මේ වසර අග තීරණය කළ හැකියි

- ඇමැති පවිත්‍රා වන්නිආරච්චි

මේ වසර අවසානයේ දී විදුලි බිල අඩු කරනවාද නැද්ද යන්න තීරණය කළ හැකි බව විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළාය.

විදුලි බල මණ්ඩලය ගිය වසරේ ලාභයක් ලැබුවත් මේ වසරේ ලාභ අලාභ ගැන දැන්ම කිසිවක් කිව නොහැකි බව කී ඇමැතිනිය ජලයෙන් විදුලිය නිපදවීමට අඩු වියදමක් දරන අතර ඉන්ධනවලින් විදුලිය නිපදවීමට විශාල මුදලක් වැය වන හෙයින් ඉන්දන ගැලපුම් ගාස්තුව දැන්ම ඉවත් කිරීමට ද නොහැකි බව කීවාය.

මේ වසරේ ගත වූ මාස 5 තුළ විදුලිය නිපදවීමට ඉන්ධන යොදා ගත් බව කී ඇමැතිනිය ඉදිරියේ දී ප්‍රමාණවත් වැසි නොලැබුණහොත් ඉන්ධන යොදා ගැනීමට සිදුවන බවත් ඉන්ධන යොදා ගනිමින් සියයට 85ක් විදුලිය නිපදවන බව කීවාය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානායක මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වන්නිආරච්චි මහත්මිය එසේ කීවාය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා