මන්නාරම-කොළඹ-ගාල්ල මඩකළපුවට සුළඟ සැරයි

මන්නාරම-කොළඹ-ගාල්ල මඩකළපුවට සුළඟ සැරයි

මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා මඩකළපුව දක්වා සුළ‍ඟේ වේගය විටක පැයට කිලෝ මීටර් 70 දක්වා ඉහළ යා හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මධ්‍යම කඳුක‍රයේ බටහිර බෑවුම්වල හා දිවයින අවට නිරිතදිග මෝසම වැඩිවිය හැකි යැයි ද මේ නිසා එම ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් සිටින ලෙස ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණකුල මහත්මිය පැවැසුවාය.

ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග කොටසට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා