ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්දට බොලීවියාවේ ඉහළම සම්මානය

ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්දට බොලීවියාවේ ඉහළම සම්මානය

ත්‍රස්තවාදය පරාජය කර ශ්‍රී ලංකාවේ සාමය සහ සංවර්ධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොලීවියාවේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත මාසෙලෝ කුයිරෝගා සැන්ටා කෲස් පාර්ලිමේන්තු අභිධානයෙන් පිදුම් ලබයි.

සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දක්වන දායකත්වය අගය කරනු වස් පිරිනැමෙන බොලීවියාවේ ඉහළම සම්මානය වෙන මෙම සම්මානය ජනාධිපතිතුමන් වෙත පිරිනමන ලද්දේ එරට උප ජනාධිපති හා ජාතික මන්ත්‍රණ සභා සභාපති අල්වාරෝ ග්‍රාසියා ලිනෙරා මහතා විසිනි.

ජී 77 ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වීමට බොලීවියාව වෙත ගොස් සිටින ජනාධිපතිවරයා වෙත එරට ලා පැස් නගරයේ ජාතික මන්ත්‍රණ සභාවේදී මේ සම්මානය පෙරේදා (16) පිරිනැමිණි.

මානව හිමිකම් හා බොලීවියාව ඇතුළු දකුණු අමෙරිකාව සමඟ සබඳතා වර්ධනය හා පුළුල් කිරීමේ ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ දායකත්වය ද මෙතුළින් ඇගයීමට ලක් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් මහතා ද මේ සම්මානය ලැබීමට නියමිතව සිටියෙකි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා