වර්තමාන රජය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල දියුණුවක් ලබලා

වර්තමාන රජය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල දියුණුවක් ලබලා

- ඇමැති බන්දුල ගුණවර්ධන

වර්තමාන රජය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල දියුණුවක් ලබා ඇති බව' අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අැමැතිවරයා මෙම අදහස් ප්‍රකාශය කෙළ් පෙරේදා දැරණියගල බස්නාගල මහා විදුහලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අැමැතිවරයා '1977 වර්ෂයේ සිදු වූ ආණ්ඩු පෙරළියත් සමගම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද වෙනස්කම් රාශියක් සිදු විය . ඒ යටතේ වරප්‍රසාද ලත් පංතියේ මවුපියන්ගේ දරුවන්ට සමාජයේ වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි වැනි රැකියා ක්ෂේත්‍රවලට යාමට හැකියාව ලැබිනි. එහි දී ග්‍රාමීය මට්ටමේ දරුවන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගවලින් අසමත්ව විශාල පිරිසකට අධ්‍යාපන නතර කිරීමට සිදුවිය.

ඔවුන් සමාජයේ විවිධ දේශපාලන බලවේගවලට හසුව විවිධ සමාජ විරෝධි ක්‍රියාවලටයොමුවින. මෙම ක්‍රමය තේරුම් ගත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන ක්‍රමය රටට ගැලපෙන ලෙස සකස් කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව අධ්‍යාපනයේ තීරණාත්මක සාධකයක් වූ ගණිතය අසමත් වන අයට පසුව වසර දෙකක පමන කාලයක් තුල ගණිතය විෂය සමත් වන තෙක් පාසල් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කෙළ්ය.

දරුවන් එක් විෂයකින් අසමත් වුවත් සහජ දක්ෂතා තිබීමට පුළුවන් බව විද්‍යාඥයන් පවා සොයා ගෙන තිබේ.එම නිසා එක් විෂයක් අසමත්වීම හේතුවෙන් දරුවෙකුගේ අධ්‍යාපනය නතර කළ නොහැකිය.

එදා නාගරික පාසල්වලට පමනක් සීමා වී තිබුනු මානව හා භෞතික සම්පත් ග්‍රාමීය පාසල්වලට ද ලබා දීමට රජය පියවර ගෙන තිෙබ් යි.ඒ යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් රට තුල ඇති කිරීමට පියවර ගෙන තිබෙන බව 'ද අැමැතිවරයා සිහිපත් කෙළ්ය.

මෙහිදී අදහස් දැක් වූ දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හා පශු සම්පත් නියෝජ්‍ය අැමැති එච්.ආර් මිත්‍රපාල මහතා 'දුෂ්කර මැතිවරණ කොට්ඨාසයක් වූ දැරණියගල මැතිවරණ කොට්ඨාසය අද සංවර්ධනය වෙමින් පවතී. එහි විදුලි අවශ්‍යතාවයෙන් සියයට සියයක් ම මේවන විට ලබා දී තිබෙනවා. මංමාවත් , පාසල් සංවර්ධනය වී තිබෙනවා . කවුරු කුමන කතා කීවත් පසුගිය වසර කිහිපය තුල මෙවැනි සංවර්ධනයක් දැරණියගල දැක ගැනීමට නොහැකි වීය. එම තත්ත්වය අද වෙනස් වී තිබෙයි.ඒ පිළිබද ජනාධිපතිතුමාට ස්තුති වන්ත විය යුතුයි .

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල , දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර විජේසූරිය යන මහත්වරු ද සහභාගි වී සිටියහ. මෙදින අධ්‍යාපන අැමැතිවරයා දැරණියගල සිරිසමන් ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද විවෘත කළ අතර දැරණියගල කදිරේෂන් විදුහලේ ද නිරික්ෂණ චාරිකාවක යෙදුනේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා