ඌවට ශ්‍රීලනිප අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ 28දා

ඌවට ශ්‍රීලනිප අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ 28දා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් ඌව පළාත් සභාවට තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 28දා පෙරවරුවේදී ශ්‍රීලනිපක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.

එම පළාත් සභාවට තරග කරන අපේක්ෂකයන්ගේ අයදුම්පත් මේ දිනවල ශ්‍රීලනිප මූලස්ථානය මගින් කැඳවා තිබෙන අතර අයදුම්පත් භාරදීමේ අවසාන දිනය ලබන 25න් අවසන් කිරීමට නියමිතය. ඌව පළාත් සභාවට තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පසුගියදා පත් කළ අතර එම මණ්ඩලයේ සභාපති ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා කටයුතු කරයි. එම මණ්ඩලයේ ඉතිරි සාමාජිකයන් ලෙස ඒ. එච්. එම්. ෆවුසි, අනුර ප්‍රියදර්ශන යාපා හා සරත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා